බුද්ධි කලම්බන ගණිත ගැටලු

භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු

පුහුණු වීමට අවශ්‍ය මට්ටම තෝරන්න

සරල මට්ටම 3 සහ 4 ශ්‍රේණිත්, මධ්‍යස්ථ මට්ටම 4 සහ 5 ශ්‍රේණිත්, සංකීර්ණ මට්ටම 5 ශ්‍රේණිය සහ ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කොටත් නිර්මාණය කර ඇත.
පහත දැක්වන්නේ උදාහරණයකි.

භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.

අඹ 3kg = මල්ගෝවා 3kg 500g
කැරට් 3kg = අඹ 1kg
කරවිල 2kg = කැරට් 1kg
නිමල්, අනුෂ්කා, මාධවී විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
නිමල්
කරවිල 1kg
කැරට් 3kg
මල්ගෝවා 3kg 500g
අඹ 2kg
අනුෂ්කා
අඹ 3kg
කරවිල 4kg
මල්ගෝවා 1kg
කැරට් 3kg
මාධවී
අඹ 1kg
කැරට් 2kg
මල්ගෝවා 4kg
කරවිල 1kg