මංසර වේග පුහුණුව යනු යනු සිසුන්ගේ ගණිත ගැටලු විසඳීමේ වේගය ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති පෙරළිකාර මුලපිරීමකි.
ලියාපදිංචි වී ගැටලු විසදන සිසුන්ගේ සියලුම උත්සාහයන් වලට අදාල පහත දත්ත මංසර විසින් සටහන් කර ගනු ලබයි.
එම නිසා, මංසර පද්ධතියට සිසුවෙක් ගණිත ගැටලු වර්ගයකට සාමාන්‍යයෙන් ගත කරන කාලය දැන ගැනීමට හැකියාව ඇති අතර එම කාලය එම වයස් කාණ්ඩයට අයත් ශ්‍රී ලංකාවේ මංසර භාවිතා කරන අනෙකුත් සිසුන්ගේ වේගය සමග සැසදීමටද හැකියාව ඇත.
මංසර විසින් ගණිත ගැටලුවකට ලබා දෙන ඉලක්ක ගත කාලය වන්නේ සිසුවාගේ වයස් කාණ්ඩයට අයත් අනෙකුත් මංසර සිසුන් එම ගැටලු වර්ගය විසදීමට සාමාන්‍යයෙන් ගත කරන කාලයයි.
සිසුවෙක් වේග පුහුණු මාදිලියේ ගණිත ප්‍රශ්න උත්සාහ කරන විට, පද්ධතිය විසින් ගැටලුව විසදීමට ලබා දෙන කාලය පාලනය කරනු ලබයි. සිසුවාගේ සාමාන්‍ය කාලය සහ සම වයසේ සිසුවන්ගේ සාමාන්‍යය අතර සැලකිය යුතු වෙනසක් ඇතිනම්, කාලය එක් වරකට තත්පර පහකින් පමණක් අඩු කරමින් සිසුවාව ක්‍රමයෙන් අපේක්ෂිත ඉලක්කයට ළඟා වනතුරු ක්‍රමාණුකූලව ගැටලු ලබා දෙමින් පුහුණු කරවීම මංසර විසින් සිදු කරයි.
වේග පුහුණුවට පිවිසීමට ක්‍රම දෙකක් තිබේ.
මෙම කාඩ් පතේ වම් පස යට කොටසේ වේග පුහුණුව අවශ්‍ය වන ගැටලු වර්ග කීයක් ඇතිද යන්න පිළිබදව සාරංශයක් දිස් වනු ලැබේ.
ඉහත කාඩ් පතෙහි නිල් පැහැති "තෝරන්න" බොත්තමෙන්(Button) පහත කාඩ් පත වැනි කාඩ් පත් කිහිපයක් සහිත පිටුවකට ඔබව ගෙන යනු ලැබේ.
මෙහි දැක්වෙන සංකේත සහ වර්ණ වල තේරුම් පහත පරිදි වේ.
සිසුවා විසින් කාඩ්පතෙන් නිරූපණය වන ගැටලු වර්ගයට ගත කරන සාමාන්‍යය කාලය
ඉලක්කය (සම හෝ පහළ ශ්‍රේණි වල මංසර සිසුවන් කාඩ්පතෙන් නිරූපණය වන ගැටලු වර්ගයට ගත කරන සාමාන්‍යය කාලය)
සිසුවා විසින් කාඩ්පතෙන් නිරූපණය වන ගැටලු වර්ගයට ගත කර ඇති වැඩිම කාලය
මෙම කාඩිපතෙහි නිල් පැහැති "වේගය පුහුණු වන්න" බොත්තමෙන්(Button) එම ගැටලුවට අදාල වේගය පිළිබඳ තොරතුරු සහිත පිටුවකට ඔබව ගෙන යනු ලැබේ.
ඉහත ක්‍රම දෙකෙන් වේග පුහුණුවට පිවිසි පසු මේ වන විට සිසුවා ගත කරන ලද කාලය පිළිබඳ රූපික ප්‍රකාශනයක් ඔබට දිස් වනු ඇත.
මෙහි අළු පැහැති ස්ථම්භ මගින් සිසුවා මීට පෙර මෙම ගැටලු වර්ගය සඳහා ගත කර ඇති කාලය පෙන්නුම් කරන අතර, අනෙකුත් වර්ණ ඉරි වලින් පෙර සඳහන් කරන් ලද අර්ථයන් සහ කාලයන් නිරූපණය වේ.
මෙම රූපයේ දක්වා ඇති උදාහරණයට අනුව මෙම ගැටලුවට සිසුවා විසින් තත්පර 99ක් ගත කරන විට සම වයසේ අනිත් සිසුවන් ගත කරන්නේ තත්පර 21ක් පමණි. එම නිසා පද්ධතිය මගින් සිසුවාට මීළඟ ඉලක්කය ලෙස තත්පර 94ක් (තත්පර 99 - තත්පර 5) ලබා දෙනු ලැබේ. එම ඉලක්කය පහසුවෙන් සපුරාගත හැකි වන මට්ටමට සිසුවා පැමිණි පසු සිසුවා ගත කරන සාමාන්‍යය කාලය නැවත ගණනය කර තත්පර 21ක ඉලක්කය සපුරණ තුරු ක්‍රමයෙන් අඩු වන ඉලක්ක ලබා දෙනු ලැබේ.
මෙම පිටුවේ ඇති, "වේගය වැඩි දියුණු කරගන්න" බොත්තම(Button) මගින් කාලය පාලනය කරන ලද ගැටලු විසදීම ආරම්භ කළ හැකිය.
ගැටලුවක් ලබා දෙන කාලය තුළ විසදීමට නොහැකි වුවහොත් ගැටලුවට පිළිතුරු දීමට අවස්තාව ගිලිහී යන අතර, සිසුවාට එයට සමාන වෙනත් ගැටලුවක් නැවත උත්සහ කිරීමට හෝ එම ගැටලුවේ පිළිතුර සහ සාදන ආකාරය බැලීමට අවස්ථාව ලැබේ.
එමෙන්ම ගැටලුව නිවැරදිව විසදා තම සාමාන්‍යය කාලය වැඩි දියුණු වුවහොත් ඒ බව සිසුවාට දැනුම් දෙනු ලැබේ.
ඊළඟට ලබා දෙන ඉලක්කය වැඩි දියුණු වූ සාමාන්‍යය කාලයට අනුරූපව වෙනස් වේ.
මෙම පිටුව තුළ සාමාන්‍යය කාලය යන පදය දැනුවත් කිරීමේ පහසුව උදෙසා භාවිතා කළද එය ගණිතයේ එන සාමාන්‍යය (Average) නොවන අතර උචිත වෙනත් ඇල්ගොරිතමයක් (Algorithm) ඒ සඳහා භාවිතා වන බව සලකන්න.