තාක්ෂණය උපයෝගී කරගනිමින් 3, 4, 5 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සෑම ශ්‍රී ලාංකික දරුවෙකුගේම බුද්ධිය තියුණු කිරීම අපගේ අරමුණයි.
මංසර යනු සැඟවුණු ගාස්තු කිසිවක් නොමැතිව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන සේවාවකි.
සේවාව පවත්වගෙන යාම සදහා වැය වන කාලය සහ පිරිවැය හැකි තාක් කල් දරා ගැනීමට අප බලාපොරොත්තු වන්නෙමු.
ශ්‍රී ලාංකික දරුවන් සදහා නවීන අධ්‍යාපනික අත්දැකීමක් ලබාදීම සහ එමගින් උගත් බුද්ධිමත් දරුවන් පිරිසක් බිහිකිරීම සහ එමගින් මව්බිමේ අභිවෘද්ධියට දායක වීම අපගේ ඒකායන අරමුණයි.
මංසර සේවාවෙන් උපරිම ප්‍රයෝජනය ගෙන අප දරුවන් ගණිත විෂය සඳහා ප්‍රවීනයන් බවට පත් කරලීමට අප සමඟ එක් වන මෙන් ආරාධනා කර සිටිමු.
වසර 32කට අධික කාලයක් දිවයිනේ ජනප්‍රියතම පාසල් කිහිපයකම දරුවන් දහස් ගණනක් සමග ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදෙමින් කටයුතු කළ ප්‍රවීණ ගුරු භවතුන් දෙපළකගේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය වූ සේවාවක් වීම.
ඔබටම අවේනික අධ්‍යාපන රටාවකට, ඔබගේ කාලය පහසු ලෙස යොදාගනිමින්, විෂය දැනුම සහ බුද්ධිය වර්ධනය කරගැනීමටම වෙන් වූ සේවාවක් වීම.
සිසුන් විවිධ තේමා යටතේ ගැටලු විසදීමේදී දක්වන දුබලතා සිසුන් හා දෙමව්පියන්ට හදුන්වා දී දුර්වලතා දක්වන ගැටලු සීමා රහිතව නැවත නැවත පුහුණුවීමට පහසුකම සලසා තිබීම.
පූර්ණ නිපුනතාවයට ලඟා වන තෙක් අවැසි තරම් සීමාවකින් තොරව විෂයානුබද්ධ හා විභාග ඉලක්ක ගත ගැටලු ලබා දී ප්‍රවීණත්වයට පත් කිරීම.
3, 4 සහ 5 ශ්‍රේණි වල සිසුන්ගේ දැනුම් මට්ටම් අනුව සරල, මධ්‍යස්ථ, සංකීර්ණ ලෙස ගැටලු කාණ්ඩ ගත කර තිබීම.
සෑම ගැටලුවකටම පිළිතුර සහ පිළිතුර ලබා ගන්නා ආකාරය ඇතුලත් කර තිබීම.
විෂය නිර්දේශයේ ඇති සෑම ඒකකයකින්ම සහ ඒකකයන්හි අනු කොටස් වළින් මිශ්‍ර අභ්‍යාස ඇතුලත් කර ඇත. එමඟින් ඔබට එක් එක් පාඩමේ දුර්වලතා දක්වන අනු කොටස් හදුනාගෙන පසුව එම දුර්වලතා දක්වන කොටසින් පමණක් ගැටලු උත්සහ කරමින් ඒකකය ප්‍රගුණ කළ හැක.
පාඩම් ආශ්‍රිත මිශ්‍ර අභ්යාසදරුවන්ව වඩාත් උනන්දු කරවීම සඳහා සති පතා ගැටලු 50, 100, 250, 500, 1000 සහ 2000 වශයෙන් ඉලක්ක ලබා දෙන අතර එම ඉලක්ක සපුරාලන සියලු දරුවන්ට Virtual Medals 🥇 පිරිනමනු ලැබේ. ලබා ගන්නා සියලු Medals, Leaderboard හි සහ ප්‍රගති වාර්තාව තුල තම නමට පසෙකින් දර්ශනය වනු ඇත.
ප්‍රගති වාර්තාවට5 ශිෂ්‍යත්වය යනු තරඟ විභාගයකි. දරුවන් අතර තරගකාරී බව ඇති කිරීමට සහ වඩාත් උනන්දු කරවීම සඳහා සති පතා නිවරදිව විසදන සෑම ගැටලුවකටම ලකුණක් පිරිනමන අතර ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අනුව ස්ථාන ලබා දෙනු ලැබේ. එමෙන්ම පුරෝගාමීන් සඳහා විශේෂ Virtual Medals 🥇 පිරිනමනු ලැබේ.
මංසර පුරෝගාමියෝ වෙතසෑම ගැටලු වර්ගයකම නිවැරදි සහ වැරදි උත්සහයන් ගණන සහ නිවැරදි ගණන වැරදි ගණනෙන් ප්‍රතිශතයක් ලෙස දිස් වනු ලැබේ. මෙමගින් ඔබට මෙතෙක් උත්සහ නොකළ සහ ප්‍රතිශතය අවම ගැටලු(දුබලතා දක්වන ගැටලු) සඳහා වැඩි අවදානයක් ලබා දිය හැකිය.
අරඹන්නසම වයසේ සිසුන්ට වඩා වැඩි කාලයක් ගත කරන ගැටලු හදුනා ගැනීමට සහ සීමිත කාලයක් තුළ එම ගැටලු විසදමින් ක්‍රමානුකූලව කාලය වැඩි දියුණු කර ගැනීමට වේග පුහුණුව මගින් පහසුකම් සලසණු ලැබේ.
වේග පුහුණුවට