start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
පාඩම් පාදක ගණිත ගැටලු
හැඩ හා අවකාශය
විෂය නිර්දේශය
හැඩ හා අවකාශය
හැඩ හා අවකාශය විෂය නිර්දේශය
3 ශ්‍රේණිය
1. ඝන වස්තුවල හා ජ්‍යාමිතික හැඩතලවල ලක්ෂණ හා ස්වභාවය හඳුනාගෙන ක්‍රියාකාරකම්හි නිරත වෙයි.
1.1 ජ්‍යාමිතික ඝන වස්තුවල හා හැඩතලවල නම් සහ ලක්ෂණ හඳුනා ගැනීම.
2. දිශා ආශ්රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වෙයි.
2.1 වම් පස හා දකුණු පස පැති නිවැරදි ව හඳුනාගෙන ක්‍රියාකාරකම්හි නිරත වීම.
3. හැඩ හා අවකාශය පිළිබඳ හැකියාව භාවිත කරයි.
3.1 හැඩතල ඇසුරින් අවකාශීය රටා ගොඩනැගීම.
3.2 සමමිතිය සහිත රූප හඳුනාගෙන සෙවීම.
4 ශ්‍රේණිය
1. ඝන වස්තු හා ජ්‍යාමිතික හැඩතලවල ලක්ෂණ හා සම්බන්ධතා හඳුනා ගෙන ක්‍රියාකාරකම්වල නිරත වෙයි.
1.1 සරල රේඛා සහ තල රූප ඇඳීම.
1.2 සමතල පැති සහිත වස්තුවක ඉදිරි පෙනුම, පැති පෙනුම සහ සැලැස්ම ඇඳීම.
2. දිශා ආශ්රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වෙයි.
2.1 ප්‍රධාන දිශා හතර ආශ්රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වීම.
3. හැඩ හා අවකාශය පිළිබඳ හැකියාව භාවිත කරයි.
3.1 සීමිත අවකාශයක් තුළ විවිධ හැඩ හසුරුවමින් විවිධ නිර්මාණ ගොඩනැගීම.
3.2 සමමිතිය සහිත රූප සෙවීම, නිර්මාණය කිරීම.
3.3 සමමිති අක්ෂය හඳුනා ගැනීම.
5 ශ්‍රේණිය
1. ඝන වස්තු හා ජ්‍යාමිතික හැඩතලවල ලක්ෂණ හා සම්බන්ධතා හඳුනා ගෙන ක්‍රියාකාරකම්වල නිරත වෙයි.
1.1 ජ්‍යාමිතික ඝන වස්තු නිර්මාණය කිරීම හා ලක්ෂණ හඳුනා ගැනීම (ඝනකය, ඝනකාභය, චතුස්තලය, සිලින්ඩරය).
1.2 ශීර්ෂ තල හා දාර හඳුනා ගැනීම.
2. සෘජුකෝණ, සරල රේඛා සහ තලරූප අඳියි.
2.1 සෘජුකෝණ සහ සෘජුකෝණ නොවන කෝණ වෙන් කර හඳුනා ගැනීම.
2.2 සැලසුම් සහ පරිමාණ රූප ඇඳීම.
3. දිශා ආශ්රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වෙයි.
3.1 අට දිශා ආශ්රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වීම.