ගණිත කර්ම

ගණිත කර්ම විෂය නිර්දේශය

3 ශ්‍රේණිය

1. සංඛ්‍යා එකතු කිරීමේ ගැටලු විසඳයි.

1.1 ඉලක්කම් දෙකකට නොවැඩි සංඛ්‍යා ගෙනයාම් රහිත ව එකතු කිරීමේ ගැටලු විසඳයි.
1.2 ඉලක්කම් දෙකකට නොවැඩි සංඛ්‍යා ගෙන යාම සහිත ව එකතුකිරීමේ ගැටලු විසඳයි.
1.3 ඉලක්කම් තුන තෙක් වූ සංඛ්‍යා ගෙනයාම සහිත එකතු කිරීමේ ගැටලු විසඳයි.

2. සංඛ්‍යා අඩු කිරීමේ ගැටලු විසඳයි.

2.1 ගෙන ඒම රහිත අවස්ථා ඇතුළත් සරල අඩු කිරීමේ ගැටලු විසඳයි.
2.2 99ට නොවැඩි සංඛ්‍යාවකින් ඊට අඩු සංඛ්‍යාවක් අඩු කරයි.
2.3 99ට නොවැඩි සංඛ්‍යාවකින් එයට අඩු සංඛ්‍යාවක් ගෙන ඒම රහිත ව අඩු කිරීමේ සරල ගැටලු විසඳයි.

3. සංඛ්‍යා ගුණ කිරීමේ ගැටලු විසඳයි.

3.1 10 තෙක් සංඛ්‍යාවක් දෙකෙන් ගුණ කරයි.
3.2 10 තෙක් සංඛ්‍යාවක් 5න් සහ 10න් ගුණ කරයි.
3.3 ඉලක්කම් දෙකකට නොවැඩි සංඛ්‍යාවක් ගෙනයාම රහිත ව 2න් සහ 5න් ගුණ කිරීමේ ගැටලු විසඳයි.

4. සංඛ්‍යා බෙදීමේ ගැටලු විසඳයි.

4.1 යම් ද්‍රව්‍ය සංඛ්‍යාවක් සමසම ව බෙදයි.
4.2 ඉලක්කම් දෙකකට නොවැඩි සංඛ්‍යාවක් (ශේෂය රහිත ව) දෙකෙන් බෙදීමේ ගැටලු විසඳයි.
4.3 ඉලක්කම් දෙකේ සංඛ්‍යා ගෙන ඒම රහිත ව 2න් බෙදීමේ ගැටලු විසඳයි.

4 ශ්‍රේණිය

5 ශ්‍රේණිය