start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
පාඩම් පාදක ගණිත ගැටලු
මිනුම්
විෂය නිර්දේශය
මිනුම්
මිනුම් විෂය නිර්දේශය
3 ශ්‍රේණිය
1. බර මැනීම ආශ්රිත ගැටලු විසඳයි.
1.1 සම්මත ඒකකය වන (kg) භාවිතයෙන් බර මැනීම. සැසඳීම.
1.2 කිලෝග්රෑමය සඳහා වන සම්මත සංකේතය (kg) භාවිත කිරීම.
2. පරිමාව හා ධාරිතාව ඇතුළත් ගැටලු විසඳයි.
2.1 ද්‍රව මැනීමේ දී සම්මත ඒකක භාවිත කිරීම. (ලීටර).
2.2 විවිධ ද්‍රව ප්‍රමාණ ලීටරවලින් මැනීම.
2.3 බාජනයකට අල්ලන ද්‍රව ප්‍රමාණය (ධාරිතාව) සම්මත ඒකක භාවිතයෙන් මැනීම, සැසඳීම.
3. දිග මැනීම ආශ්රිත ගැටලු විසඳයි.
3.1 සම්මත ඒකක (මීටර) භාවිතයෙන් දිග මැනීම හා නිමානය කිරීම.
3.2 මීටරය සඳහා වන සම්මත සංකේතය (m) භාවිත කිරීම.
4. මිනිත්තු, පැය, දවස්, සති හා මාස අතර සම්බන්ධතා හඳුනාගෙන භාවිත කරයි. ඔරලෝසුවේ දැක්වෙන වෙලාව කියවයි.
4.1 දවස්වල සහ මාසවල නම් නිවැරදි ව භාවිත කිරීම.
4.2 දවස්, සති හා මාස අතර සම්බන්ධතා හඳුනාගෙන භාවිත කිරීම.
4.3 පැයෙන් පැයට ඔරලෝසුවේ දැක්වෙන වෙලාව කියවීම
4 ශ්‍රේණිය
1. බර මැනීම ආශ්රිත ගැටලු විසඳයි.
1.1 ග්‍රෑම් (g) භාවිතයෙන් කුඩා බර ප්‍රමාණ මැනීම.
1.2 බර මැනීමේ සම්මත ඒකක ඇතුළත් ගණනය කිරීම සිදු කිරීම.
1.3 ග්‍රෑම් සහ කිලෝග්‍රෑම් ඒකක පරිවර්තනය සහිත සරල ගැටලු විසඳීම.
2. පරිමාව හා ධාරිතාව ඇතුළත් ගැටලු විසඳයි.
2.1 කුඩා දියර ප්‍රමාණ මැනීමේ දී මිලිලීටරය භාවිත කිරීම.
2.2 ලීටර මිලිලීටර ඒකක පරිවර්තනය සහිත සරල ගැටලු විසඳීම.
2.3 පරිමාව මැනීමේ සම්මත ඒකක ඇතුළත් ගණනය කිරීම සිදු කිරීම. (එකතු කිරීම සහ අඩු කිරීම.)
3. දිග මැනීම ආශ්රිත ගැටලු විසඳයි.
3.1 සෙන්ටිමීටර භාවිතයෙන් දිග මැනීම සහ නිමානය කිරීම.
3.2 දිග මැනීමේ ඒකක සඳහා වන සම්මත සංකේත භාවිත කිරීම.
3.3 මීටර සහ සෙන්ටිමීටර ඒකක පරිවර්තනය සහිත සරල ගැටලු විසඳීම.
3.4 දිග මැනීමේ සම්මත ඒකක ඇතුළත් ගණනය කිරීම සිදු කිරීම. (එකතු කිරීම සහ අඩු කිරීම)
4. මිනිත්තු, පැය, දවස්, සති හා මාස අතර සම්බන්ධතා හඳුනා ගෙන භාවිත කරයි.
4.1 මිනිත්තු, පැය, දවස්, සති හා මාස අතර සම්බන්ධතා හඳුනා ගෙන භාවිත කිරීම.
4.2 පැය දෙළහේ ඔරලෝසුවෙන් වෙලාව දැක්වීම සහ කියවීම
5 ශ්‍රේණිය
1. බර මැනීම ආශ්රිත ගැටලු විසඳයි.
1.1 වස්තුවල බර නිමානය කිරීම සහ කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් භාවිතයෙන් බර මැන සැසඳීම.
1.2 බර මැනීමේ උපකරණ හඳුනා ගැනීම.
1.3 වස්තුවල බර ආශ්රිත සරල ගැටලු විසඳීම.
2. පරිමාව හා ධාරිතාව ඇතුළත් ගැටලු විසඳයි.
2.1 හාජනවල ධාරිතාව නිමානය කිරීම සහ මැන සැසඳීම.
2.2 පරිමාව හා ධාරිතාව ආශ්රිත සරල ගැටලු විසඳීම.
3. දිග මැනීම ආශ්රිත ගැටලු විසඳයි.
3.1 මීටර සහ සෙන්ටිමීටර ඇතුළත් ගණනය කිරීමේ සරල ගැටලු විසඳීම.
3.2 විශාල දිග මැනීමේ ඒකකයක් ලෙස කිලෝමීටරය (km) හඳුනා ගැනීම.
3.3 කිලෝමීටර සහ මීටර ඇතුළත් ගැටලු විසඳීම.
4. මිනිත්තු, පැය, දවස්, සති හා මාස අතර සම්බන්ධතා හඳුනා ගෙන භාවිත කරයි. ඔරලෝසුවේ දැක්වෙන වෙලාව කියවයි.
4.1 ඔරලෝසුවේ දැක්වෙන වෙලාව කියවීම.
4.2 පැය හා මිනිත්තු ඇතුළත් කාලය ගතවීම පිළිබඳ ගණනය කිරීම සහිත ගැටලු විසඳීම.